උණුසුම් පුවත්

7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම‍ ඇරඹේ

7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම‍ ඇරඹේ

7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම‍ ඇරඹේ

Nov 16, 2019 7:17 AM

ඒ අනුව පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අද පස්වරු 5 දක්වා පැවැත් වේ. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර, මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඩි 2ක් පමණ දිගින් යුක්ත ය.
මෙවර ජනාධිපතිවරණ රාජකාරී සඳහා , රාජ්‍ය නිලධාරින් ලක්ෂ 3ට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

කිසිදු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් , තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ට දැනුම් දෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා , මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන්නේ ,

ජාතික හැඳුනුම්පත,
වලංගු ගුවන් ගමන් බලපත්‍රය,
වැඩිහිටි හැඳුනුම්පත,
වලංගු රියැදුරු බලපත්‍රය,
රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත,
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පුජ්‍ය හැදුනුම්පත හා මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතයි.

මීට අමතරව , ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ , දෙපාර්ත‍මේන්තුවට , අයදුම්පත් යොමු කල පුද්ගලයින්ට ,එම දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය , ඡන්දය භාවිත කිරීමේදී , අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ ලේඛණයක් වශයෙන් පිලිගන්නා බව සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...