උණුසුම් පුවත්

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙයි

Nov 21, 2019 1:18 PM

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනිම සදහා ඉඩකඩ සලසා දෙමින් තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව සීමිත ඇමතිවරුන් සංඛ්‍යාවකින් යුත් නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ දිව්රුම් දීමට නියමිතව තිබේ.

දර්ශණ අනුග්‍රහය – ජාතික රූපවාහිනිය

New Prime minister – Mahinda Rajapaksa

#Rupavahini #Liveමහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමේ අවස්ථාව…. 2019|11|21

Posted by ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation on Wednesday, November 20, 2019
මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...
ad