උණුසුම් පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි

Nov 18, 2019 10:54 AM

අඹතලේ සිට මාලිකාන්ද දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, ඒ අනුව කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බවයි.

එසේම කොළඹ 12 හා කොළඹ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

එම මණ්ඩලය පැවසුවේ, අද(18) රාත්‍රීයට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...