උණුසුම් පුවත්

උදුවප් පෝය අදයි (11) – ශ්‍රී පාද වන්දනා සමය අදින් (11) ඇරඹේ

උදුවප් පෝය අදයි (11) – ශ්‍රී පාද වන්දනා සමය අදින් (11) ඇරඹේ

උදුවප් පෝය අදයි (11) – ශ්‍රී පාද වන්දනා සමය අදින් (11) ඇරඹේ

Dec 11, 2019 6:46 AM

2019 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.

ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝය දිනකය.

ශ්‍රී පාදය වන්දනාකිරීම උඳුවප් ‍පුන් පොහෝ දිනය යෙදෙන අදින් (11) ආරම්භ වෙයි.

පසුගිය සිරිපා වන්දනා වාරය නිමවීමෙන් පසු පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහරින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීම ඊයේ (10) සිදු කෙරුණ.

උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...