උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ ජාතික මහෝත්සවය ඇරඹේ

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ ජාතික මහෝත්සවය ඇරඹේ

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ ජාතික මහෝත්සවය ඇරඹේ

Nov 18, 2019 11:35 AM

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා තීන්දුවෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑරඳුන් අභියසදී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ අභිමානවත් උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වෙයි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, විදෙස් රාජ්‍ය අමුත්තන්, දේශපාලන නියෝජිතයන්, ඇතුළු අතිවිශාල ජනතාවක් සහභාගී වී ඇත.

එමෙන් ම මෙම අවස්ථාව දැක බලා ගැනීමට අනුරාධපුර නගරයට අතිවිශාල ජනතාවක් පමිණෙමින් සිටින බවද වාර්තා විය.

අභිනව 7 වන විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම්දීමේ උත්සවය අනුරධපුර රුවන්වැලි මහා සෑය අහියස සිට….
දර්ශණ අනුග්‍රහය – ජාතික රූපවාහිනිය

President Gotabaya Rajapaksa

#Rupavahini #Live7 වන විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම්දීමේ උත්සවය අනුරධපුර රුවන්වැලි මහා සෑය අහියස සිට….Live 2019-11-18

Posted by ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation on Sunday, November 17, 2019
මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...