නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක සඳහා
සැලකිලිමත් වන්න!
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන්,දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුල තවදුරටත් බලාපොරොත්තු වේ.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...