උණුසුම් පුවත්

පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද(15) සිට ඉදිරි දින කීපයේදී

පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද(15) සිට ඉදිරි දින කීපයේදී

පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද(15) සිට ඉදිරි දින කීපයේදී

Oct 15, 2019 6:42 AM

ශ්‍රී ලංකාව ආසන්න පහල වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සිට ඉදිරි දින කීපයේ දී බලාපොරත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඒ අනුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මිලිමීටර 100 ට වැඩි වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිඟුරුම් සහිත වැසි ඇති වන වන විට තාවකාලික තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...