උණුසුම් පුවත්

ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටමට

ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටමට

ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටමට

Sep 16, 2019 2:39 PM

ධාරාණිපාත වර්ෂාපතනය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටම් කරා ළගාවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කලු ගග රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්ද / කැළණි ගග නෝර්වුඩ් ප්‍රදේශයෙන්ද / මහවැලි ගග නාවලපිටියෙන්ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බව අද පෙරවරු 10:30 ට නිකුත් කල වාරිමාර්ග නිවේදනයක දැක්වේ. එමෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද අවධානම් මට්ටමක් දක්වා ළගාවෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

මේ අතර ගිනිගත්හේන නෝර්ටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක් සහ පස් කන්දක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය. ගස් සහ පස්කඳු ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන අතර පවතින වැසි සමග පස්කඳු සහ ගස් කඩා වැටීමේ අවධානම පවතින බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...