උණුසුම් පුවත්

පකිස්ථානයට එරෙහි 02 වැනි T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 35ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

පකිස්ථානයට එරෙහි 02 වැනි T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 35ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

පකිස්ථානයට එරෙහි 02 වැනි T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 35ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

Oct 7, 2019 10:42 PM

පකිස්ථානයට එරෙහි 02 වැනි 20/20 තරගය ලකුණු 35 කින් ජය ගත් ශ්‍රී ලංකාව 20/20 තරගාවලිය ජයග්‍රහණය කරයි.
ශ්‍රී ලංකාව 182/6(20) පකිස්ථානය 147 (19).

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 48ක් තුළදී දැවැන්ත දැවැන්ත හයේ පහරවල් 6ක් සමඟ හතරේ පහරවල් 4ක් සමඟ ලකුණු 77ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පිළිතුරු ලෙස පන්දුවාර 19කදී ලබා ගත හැකි වුයේ ලකුණු 147ක් පමණි. පාකිස්ථානය වෙනුවෙන් ඉමාඩ් වසීම් ලකුණු 47ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව තරඟාවලියේ තවත් එක් තරඟයක් තිබියදී විස්සයි විස්ස තරඟාවලිය ජය ගැනීමට සමත් විය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...