උණුසුම් පුවත්

කෝට්ටේ ඇසළ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් වැසේ

කෝට්ටේ ඇසළ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් වැසේ

කෝට්ටේ ඇසළ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් වැසේ

Sep 7, 2019 12:31 PM

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් අද (07) පස්වරු 06.00 සිට පෙරහැර අවසන් තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව පරණ කොට්ටාවපාර ස්ටැනීල් තිලකරත්න මාවත, නුගේගොඩ නාවල නාරාහේන්පිට මාවත, පිටකෝට්ටේ ඇතුල්කෝට්ටේ වැලිකඩ මාවත, බැද්දගාන දූව ක්‍රිෂ්ණමූර්ති යන මාර්ග අදාල කාලය තුළ වසා තැබෙනු ඇත.

එම නිසා අදාල මාර්ග භාවිතා කරන රියදුරන් එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...