උණුසුම් පුවත්

නෙළුම් කුළුණ හෙට (16) විවෘත කෙරේ

නෙළුම් කුළුණ හෙට (16) විවෘත කෙරේ

නෙළුම් කුළුණ හෙට (16) විවෘත කෙරේ

Sep 15, 2019 12:46 PM

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මහල් 17 කින් යුත් නෙළුම් කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විතය. මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.
සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විතය.
මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බවයි.
නෙලුම් කුලුණ විවෘත කෙරුණද දැනට ජනතාවට නැරඹිය හැකි වනුයේ නැරඹුම් මැදිරිය පමණයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...