උණුසුම් පුවත්

නෙළුම් කුළුණ අද ජනතා අයිතියට

නෙළුම් කුළුණ අද ජනතා අයිතියට

නෙළුම් කුළුණ අද ජනතා අයිතියට

Sep 16, 2019 4:12 PM

උසැති නෙළුම් පොහොට්ටුවක හැඩයකින් යුතු නෙළුම් කුළුණ මීටර් 300ක් නොහොත් අඩි 1167ක් උස දකුණු ආසියාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ ලෙස අද ජනතා අයිතියට පත්වෙයි. මීට පෙර කොළඹ උසම ගොඩනැගිල්ල ලෙස ස්ථානය දිනාගත් ලෝක වෙළද මධ්‍යස්ථානයද පරදවමින් අද කොළඹ අහස සිඹිමින් නැගී සිටින්නේ නෙළුම් කුළුණයි.

කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. අද දින ජනතා අයිතියට පත්වන නෙළුම් කුළුණ සම්පූර්ණයෙන්ම රජය සතු ගොඩනැගිල්ලක් වන අතර එය අයත් වන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිරිවැය වන ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක් හෙවත් රුපියල් බිලියන 12ක මුදල කුළුණෙන් ලැබෙන ආදායමෙන් ගෙවාදැමීමට නියමිතයි. නෙළුම් මල මගින් අර්ථ ගැන්වෙන්නේ ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුවයි. මෙහි කුලුනේ පාදම සදහාද නෙළුම් මලක හැඩය යොදාගෙන තිබේ. නෙළුම් දණ්ඩක පැහැය ගන්නා කොළ පැහැයෙන් කුළුණ වර්ණ ගන්වා ඇති අතර නෙළුම් පෙති වල රාමුව වානේ වලින්ද, එහි පෙති වීදුරු වලින්ද නිමවා ඇත. වෙනස් වන වර්ණයන්ගෙන් යුතු එල්.ඊ.ඩී. බල්බ වීදුරු පෙති සදහා සවිකොට ඇති අතර වෙසක්, අවුරුදු හා නත්තල් වැනි උත්සව කාල වලදී ඒ ඒ උත්සවයන්ට ගැලපෙන වර්ණයන්ගෙන් එම පෙති විචිත්‍රවත් කිරීමට නියමිතයි. මෙලෙස අලංකාරවත් ලෙස සකසා තිබීමත් විශේෂිතවූ ආලෝකකරණයත් නිසා රාත්‍රී කාලයේදී සැලකිය යුතු දුරක සිට නෙළුම් කුළුණ දැකගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවෙයි.

නෙළුම් කුළුණේ කද නොහොත් නටුවේ සම්පූර්ණ උස අඩි 592කි. ඉන් පසුව පටන්ගන්නා නෙළුම් පොහොට්ටුවක කොටස තට්ටු 7කින් ඉදිකර ඇත. එය සකසා ඇත්තේ පහළ සිට ඉහලට පළමු හා දෙවැනි මහල් දෙක ගුවන්විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන්කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන් වන්නේ විදුලි සන්දේශ හා සන්නිවේදන අංශ වෙනුවෙනි. එය සාමාන්‍ය ජනතාවට නැරඹිය නොහැකි විශේෂිත ආරක්ෂිත කලාපයකි. අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් ලෙස හැදින්වෙන නෙළුම් කුළුණේ එක් ගොඩනැගිල්ලක සිට එක් එක් මහල වෙත ගමන් කල යුතු වන්නේ ස්වයං අවසර පත්‍ර ක්‍රමවේදයක් ඔස්සේ වීමද ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති විශේෂිත පියවරකි. මෙය මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් ජනතාවට දැකබලාගැනීමේ වරම් හිමිවේ. අද දින ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වෙන නෙළුම් කුළුණේ සමාරම්භක උළෙල සදහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...