උණුසුම් පුවත්

හබරණ ඇතින්නියන් මියයාම පිළිබදව CID පරීක්ෂණයක් ඉල්ලයි

හබරණ ඇතින්නියන් මියයාම පිළිබදව CID පරීක්ෂණයක් ඉල්ලයි

හබරණ ඇතින්නියන් මියයාම පිළිබදව CID පරීක්ෂණයක් ඉල්ලයි

Sep 29, 2019 10:07 AM

හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය ඇතින්නියන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ඊයේ පස්වරුව වන විට රක්ෂිතයේ තිබී ඇතින්නන් 7 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණි. මේ අතර මිය ගිය ඇතින්නියන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන්නැයි පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ බැලු බැල්මට මෙය මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා සිදුවුවක් බව පෙනී යන බවයි. එම නිසා මෙය බරපතල තත්වයක් ලෙස සලකා මේ පිළිබද විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...