උණුසුම් පුවත්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් – පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට පියවර

Nov 14, 2019 9:46 AM

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

තවද ජනාධිපතිවරණ නිහඩ කාල සීමාව තුළ මුදල් ගෙවා සිදු කරන ප්‍රචාරණ වළක්වැන්නයි ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

නිහඩ කාල සීමාව තුළදී ප්‍රචාරණ කටයුතු සිදුකිරීමෙන් වළකින්නැයි උපකාරක පංති ගුරුවරුන්ගෙන් ද මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියේය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...