උණුසුම් පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වෙයි

Nov 17, 2019 12:47 PM

ඉතාමත් දැඩි හා සමීප සටනකින් අනතුරුව ශ්‍රී ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සිය සුබපැතුම් එක්කරන බව නිවේදනයක් නිකුත් කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ජනතා මතයට ගරුකරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙසින් තමා මෙතෙක් දැරූ ධුරයෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රේමදාස මහතාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉදිරි සති කිහිපයේදී සිය ජනපති අපේක්ෂාව සහාය පළකල සියලුදෙනා, තමා වෙනුවෙන් පෙනී සිටි ජනතාව හා සිය ආදරණීයයන් සමගින් සාකච්ඡා කර දේශපාලන දිවියේ අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට එළඹෙන බවට මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

වසර 26ක දේශපාලන දිවියට මෙන්ම තමන් මත විශ්වාසය තබා තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සෑමදෙනාටම සිය ස්තූතිය පුදකරන බවත් ඒ මහතාගේ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

පශ්චාත් මැතිවරණ සමයේදී සිය ආධාරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා මෙම ලිපියෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...