උණුසුම් පුවත්

අදත් පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අදත් පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අදත් පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Sep 6, 2019 8:08 AM

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (06) දහවල් 12.10 ට අම්බලන්ගොඩ, තල්ගස්වල, වීරපාන, මොරවක, වීරවිල සහ යෝධකණ්ඩිය යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...