උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

Sep 13, 2019 6:29 AM

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ යයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...