උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

Sep 1, 2019 10:56 AM

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවේ යැයි බලාපොරොත්තු වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (01) දහවල් 12.11ට ඔට්ටපානෙයි, කොහොඹගස්වැව, දළදාගම, තලකිරියාගම, යක්කුරේ, මහඋල්පත සහ කිලන්ගුපලෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...