උණුසුම් පුවත්

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය අද (07) සිට ලබන 10 දක්වා යාපනයේදී

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය අද (07) සිට ලබන 10 දක්වා යාපනයේදී

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය අද (07) සිට ලබන 10 දක්වා යාපනයේදී

Sep 7, 2019 11:36 AM

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 07 සිට 10 දක්වා යාපනය කොටුව ප්‍රදේශයේදී පැවැත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2025 දැක්මට අනුව පොහොසත් රටක් බිහි කිරීමේ වැඩපිළිවෙළ බිම් මට්ටමේ පටන් සාර්ථකව ක්‍රියාවට නැංවීම මේ වන විට සිදුවී ඇත. එහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම විශාල දායකත්වයක් ලබාදී ඇත. මෙවර ප්‍රදර්ශනය සැප්තැම්බර් 7 දා උදේ 11ට මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

විශේෂයෙන්ම උතුර ට ආවේනික වූ විවිධ ව්‍යවසායකත්වයන් තව දුරටත් ශක්තිමත් කර ගනිමින් නව පරපුර එම ව්‍යවසායකත්ව අපේක්ෂාවන් වෙත යොමු කරවීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ. යාපනය දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික,කෘෂිකාර්මික, ධීවර හා සංචාරක යන ක්ෂේත්‍රයන්ට මූලිකත්වය දෙමින් ව්‍යාපාර නැංවීම සඳහා ණය සහන ලබා දීම ප්‍රායෝගික තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැවැත් වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනක ම දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...