උණුසුම් පුවත්

වීසා ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව පමණක් නිදහස්

වීසා ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව පමණක් නිදහස්

වීසා ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව පමණක් නිදහස්

Aug 31, 2019 8:09 PM

තෝරා ගත් රටවල් 48 ක සංචාරකයින් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් වැරදි වැටහීමක් ඇතිව තිබෙන බවත්, විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අවශ්‍ය සංචාරක වීසා පහසුකම් ලබා ගැනීම සාමාන්‍ය ආකාරයෙන් සිදුකළ යුතු බවත්, වීසා ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව පමණක් මෙහිදී නිදහස් කර ඇති බවත් ආගමන හා විගමන පාලක පසන් රත්නායක මහතා පවසයි. පසුගිය දා (28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය නිදහස් සංචාරක වීසා බලපත‍්‍ර ලබාදීමේ වැඩපිළිවල සඳහා පසුගිය දා අනුමැතිය ලබාදී තිබේ.

මේ ය‍ටතේ ඔස්ට්‍රියාව, ඕට්‍රේලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, චීනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,
ජර්මනය, ග්‍රිසිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, නෙදර්ලන්තය, නවසිලන්තය, නොර්වේ, පිලිපිනය, පෝලන්තය, රුසියාව, සිංප්පුරුව,බිත්‍රාන්‍ය, අමෙරිකාව හා ඉතාලිය ඇතුළු රටවල් 48ක සංචාරකයින්ට මෙරටට පැමිණීමට නිදහස් වීසා බලපත්‍ර හිමිවනු ඇති.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...