උණුසුම් පුවත්

හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකින් තුවාල ලබයි

හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකින් තුවාල ලබයි

හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකින් තුවාල ලබයි

Sep 10, 2019 11:37 AM

සුප්‍රකට ප්‍රහසන නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකට මුහුණ දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරිදා (සැප්තැම්බර් 1) අලුයම කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරින් හොලිවුඩ් රංගන ශිල්පියා සහ තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කෙවින් හාට් සහ රිය පැදවූ ජෙරාඩ් බ්ලැක්ගේ කොඳු ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති බව යි.

කෙවින්, තමාගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් මිලදී ගත් Plymouth Barracuda මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට ගොස් ආරක්‍ෂිත වැටෙහි ගැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් නොසිටි බව තහවුරු වී ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...