උණුසුම් පුවත්

ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව අද (08)

ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව අද (08)

ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව අද (08)

Sep 8, 2019 8:51 AM

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුව අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 2.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දි මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙවර සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සම්මත කරගත් විශේෂ යෝජනාවලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එහිදී භාරදීමටද නියමිතයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...