උණුසුම් පුවත්

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් හා පරිපාලන නිළධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් හා පරිපාලන නිළධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් හා පරිපාලන නිළධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Sep 10, 2019 7:25 AM

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (10) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එක්වීමට නියමිතයි. 16000 කට අධික පිරිසක් ඊට එක්වන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කලේ.

මේ අතර අද (10) හා හෙට (11) ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. මේ හේතුවෙන් රටපුරා ප්‍රාදේශිය ලේකම් 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදංචි කිරිමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතන රැසක සේවාවන් ද අඩපණ වනු ඇතැයි එම සංගමය සඳහන් කළේය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...