උණුසුම් පුවත්

දිස්ත්‍රික් 3 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික් 3 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික් 3 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇගවීම්

Sep 23, 2019 4:22 PM

දිස්ත්‍රික් 3 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. කලුතර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට එය බලපැවැත්වෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ. කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මීට ඇතුළත්. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, ගාල්ල කඩවත් සතර, ඉමදූව, නාගොඩ, නෙලුව, නියාගම සහ තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටද හෙට පෙරවරු 11.30 දක්වා මෙම නායයාමේ අනතුරු ඇගවීම බලාත්මක වනු ඇති.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...