උණුසුම් පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට

Oct 11, 2019 10:02 PM

නිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 23372.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10113.

ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 හිමිකරගෙන තිබේ.

එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03ක්.

ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 2435.

ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් බවයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...