උණුසුම් පුවත්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (06) සිට ගාල්ලෙනුත්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (06) සිට ගාල්ලෙනුත්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (06) සිට ගාල්ලෙනුත්

Sep 5, 2019 4:50 PM

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය විවෘත කිරීම හා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 06 වැනි දින (හෙට) සිදුකෙරේ.

හදිසි අවශ්‍යතාවයන් සදහා එක්දින සේවාව යටතේ හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල පළමු වරට ප්‍රාදේශීය වශයෙන් හෙට (06) ගාල්ලෙන් ආරම්භ වීමෙන් පසු දකුණේ මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියන්ට එක්දින සේවාව යටතේ තම ජාතික හැදුනුම්පත ලබාගැනීමට හැකියාව තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවාවන් විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ ආරම්භ වන මෙම දකුණු පළාත් කාර්යාලය තුළින් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...