උණුසුම් පුවත්

අඟහරුවාදා කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අඟහරුවාදා කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අඟහරුවාදා කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Sep 7, 2019 5:46 PM

සැප්තැම්බර් 10 වෙනි අඟහරුවාදා උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙක අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි.

වත්තල, මාබෝල, ජාඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...