උණුසුම් පුවත්

කොළඹ නගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනයට භූ ගත උමං මාර්ගයක්

කොළඹ නගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනයට භූ ගත උමං මාර්ගයක්

කොළඹ නගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනයට භූ ගත උමං මාර්ගයක්

Sep 8, 2019 8:16 AM

කොළඹ නගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ඇති වන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ නව මුතුවැල්ල භූගත උමන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) මඟින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 3,650 කි.

මෙම උමං මාර්ගය අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ කරමින් ඇරඹෙන අතර නව මුතුවැල්ල ප්‍රදේශය හරහා භූගත ව ගමන් කර මුතුවැල්ල ධිවර වරාය අසලින් මුහුදට විවෘත වේ. උමගේ විශ්කම්භය මීටර් 03 ක් වේ. මීටර් 760 ක දිගකින් යුක්තවන උමං මාර්ගයේ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවන අතර පසුව භූ ගත උමං මාර්ගයකට එක් වේ. එමඟින් තත්ත්පරයට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදාහැරිය හැකි බව වාර්තා වේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...