උණුසුම් පුවත්

පරිපාලන සේවා නිලධාරීන් හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

පරිපාලන සේවා නිලධාරීන් හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

පරිපාලන සේවා නිලධාරීන් හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Sep 9, 2019 2:47 PM

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

මීට අමතරව අනිද්දා (11) කොළඹට රැස්වන එම නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවන බවද ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පැවසීය.

පරිපාලන සේවය මුහුණ දී ඇති ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිපාලන සේවා සංගමය සඳහන් කළේය.

මේ හේතුවෙන් රටපුරා ප්‍රාදේශිය ලේකම් 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදංචි කිරිමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතන රැසක සේවාවන් ද අඩපණ වනු ඇතැයි එම සංගමය සඳහන් කළේය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...