උණුසුම් පුවත්

ටොනාඩෝවකින් පන්නල – මාකඳුර නගරයේ වෙළඳසැල් 20කට පමණ හානි

ටොනාඩෝවකින් පන්නල – මාකඳුර නගරයේ වෙළඳසැල් 20කට පමණ හානි

ටොනාඩෝවකින් පන්නල – මාකඳුර නගරයේ වෙළඳසැල් 20කට පමණ හානි

Sep 16, 2019 8:25 PM

පන්නල – මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20කට පමණ, සතිපොළ භූමියේ වෙළඳ කුටි වලට, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බවට වාර්තා වේ.
නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී තිබිණි.

මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවටද වාර්තා වේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...