උණුසුම් පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි – උපරිම වේගය පැයට කිලෝමීටර් 60

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි – උපරිම වේගය පැයට කිලෝමීටර් 60

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි – උපරිම වේගය පැයට කිලෝමීටර් 60

Sep 23, 2019 7:30 PM

පවතින අධික වර්ෂාව සමග දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේදී රියදුරන්ට පරික්ෂාකාරී ලෙස රිය පදවන ලෙස මහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේදී පැයට කිලෝමීටර් 60 ක උපරිම වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන අතර යම් හදිසි අවස්ථාවක අධිවේගී මාර්ගයේදී වාහනය නවත්වන්නේ නම් ද්විත්ව සංඥා දල්වන ලෙස රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුම් මාර්ගයේ සිට වැලිගම සහ කනංකේ දෙසට ගමන් කිරීමට ඇති මාර්ග ජලයෙන් යටවී ඇතැම් ස්ථාන අඩි 4ක් පමණ ජලයෙන් යටවී ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...