උණුසුම් පුවත්

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට(09) පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට(09) පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට(09) පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

Oct 8, 2019 1:19 PM

කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට(09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවන බැවින් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...