උණුසුම් පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට අද(19) පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද(19) පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද(19) පැය 18ක ජල කප්පාදුවක්

Oct 19, 2019 6:17 AM

කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අද (19) රාත්‍රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.
මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...