උණුසුම් පුවත්

පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි

පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි

පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි

Sep 11, 2019 9:33 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් ක්‍රීඩකයින් මෙම සංචාරයට එක් නොවන බවයි.

ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බවත් ක්‍රීඩා ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් සංචිතයක් සිටින බවත්, පකිස්තානයේ දී පකිස්තානය පරාජයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...