උණුසුම් පුවත්

පකිස්ථානයට එරෙහි පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයක්

පකිස්ථානයට එරෙහි පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයක්

පකිස්ථානයට එරෙහි පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක ජයක්

Oct 5, 2019 10:34 PM

පකිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු 20යි 20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කරන ලදී. ධනුෂ්ක ගුණතිලක ලකුණු 57යි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 32ක් ලබාගන්නා ලදී. නායක දසුන් ශානක ලකුණු 17යි. පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් කඩුලු 3ක් බිඳහෙලන ලදී.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 101ක් පමණයි. නුවන් ප්‍රදීප් පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලු අතර ඉසුරු උදාන සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගන්නා ලදී.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර 20 යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ලබන සඳුදා ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...