උණුසුම් පුවත්

දැඩි ආරක්ෂාවක් මැද ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය අද

දැඩි ආරක්ෂාවක් මැද ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය අද

දැඩි ආරක්ෂාවක් මැද ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය අද

Sep 27, 2019 9:56 AM

තරග 3 කින් සමන්විත පකිස්ථාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට එක්වන්නේ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුක්තවයි. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ලාහෝර් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් එරට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළා.

අද ආරම්භ වන තරගාවලියට එක්වීම එක්දින නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් රාජ්‍ය නායකයෙකුට හිමිවන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේදි හිමිවන බවයි එරට රජය නිවේදනය කලේ.

අද තරගයේදී පකිස්ථාන පිළ මෙහෙයවන්නේ සෆ්රාස් අහමඩ් විසිනි. පළමු තරගය පැවැත්වෙන්නේ පකිස්ථානයේ කරච්චි ක්‍රීඩාංගනයේදියි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...