උණුසුම් පුවත්

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

Aug 31, 2019 8:15 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19කදී කඩුලු 70ක් බිඳ හෙලා ඇති ඔහු, එක්දින තරග 87කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 152කි. විස්සයි20 තරග 39කදී කඩුලු 66ක් බිඳ දැමීමට සමත්වූ මෙන්ඩිස් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගනිමින් පිහිටවූ එම වාර්තාව තවමත් නොබිඳී පවතී. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16කට කඩුලු 6ක් දවා ගනිමින් ලොව දෙවැනි හොඳම පන්දු යැවීමද ඔහු සතුව පවතී. ‘කැරම් බෝල්’ පන්දු යැවීම විශේෂ අවියක් කරගත් ඔහු විස්සයි20 පිටියේ මෙන්ම එක්දින පිටියේත් අඩුම තරග ගණනක දී කඩුලු 50ක් බිඳ දැමූ ක්‍රීඩකයන් අතර තවමත් පෙරමුණේ පසුවෙයි. එක්දින තරග 19කින් සහ විස්සයි20 තරග 26කින් ඔහු කඩුලු 50 සීමාවට පිවිසියේය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...