උණුසුම් පුවත්

OnePlus TV එකට Dolby Atmos සහාය සහිත Sound System එකක් ඇතුලත් වෙයි

OnePlus TV එකට Dolby Atmos සහාය සහිත Sound System එකක් ඇතුලත් වෙයි

OnePlus TV එකට Dolby Atmos සහාය සහිත Sound System එකක් ඇතුලත් වෙයි

Sep 10, 2019 6:30 PM

වෙලදපොලේ දැනට පවතින රූපවාහිනී යන්ත්‍ර මගින් නිකුත් කරන ශබ්ද එතරම්ම හොඳ තත්වයේ නැති බව ඔබ දන්නවා ඇති. කෙසේ නමුත් Amazon වෙබ් අඩවියේ listing එකකට අනුව මේ අලුතින් නිකුත්වීමට නියමිත OnePlus TV එකට speakers 8කින් යුතු sound system එකක් අන්තර්ගත වන අතර මේ සඳහා Dolby Atmos සහාය දක්වන බව ද දැකගත හැකි වෙනවා.

මේ හරහා 50W output එකක් ලබාදීමට හැකියාව ඇති අතර මේ අනුව smart TV එකක් මිලදීගන්නා විට අතිරේකව soundbar එකක් මිලට ගැනීමේ අවශ්‍යයතාවය සම්පූර්ණයෙන්ම ඉවත් වී යන බව බොහෝ දෙනාගේ මතයයි.

මේ ආකාරයේ sound system එකක් අන්තර්ගත වන, දැනට වෙළඳපොලෙහි පවතින එකම TV එක LG සමාගමේ LG C8 TV එක වන අතර එහි මිළ ඇමෙරිකානු ඩොළර් 1,000 ඉක්මවා යනවා. කෙසේ වෙතත් OnePlus සමාගම premium hardware දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරනු නිසාවෙන් LG C8 TV එකට වඩා මිලෙන් අඩුවනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

කෙසේ වුවත් OnePlus Tv ඉන්දියාවට හඳුන්වාදීමත් සමඟම ලාංකීය වෙළඳපොළ තුළත් ඉතාමත් ඉක්මනින් මිලදී ගැනීමට හැකියාව ලැබේයැයි බලාපොරොත්තු විය හැකිය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...