උණුසුම් පුවත්

ඇන්ඩ්‍රොයිඩ් 10 එළිදකී

ඇන්ඩ්‍රොයිඩ් 10 එළිදකී

ඇන්ඩ්‍රොයිඩ් 10 එළිදකී

Sep 5, 2019 1:36 PM

Google සමාගම විසින් සැප්තැම්බර් 03 ඔවුන්ගේ Google Pixel. Essential සහ Xiaomi ජංගම දුරකථන සියල්ලටම Android 10 එහෙමත් නැතිනම් Android Q වල stable සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ අතර නුදුරේදීම අනෙකුත් ජංගම දුරකථන සඳහා ද ලබා දීමට නියමිතයි.

මෙම නිකුතුවත් සමඟ ගූගල් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඔබේ එදිනෙදා ජීවිතය පහසු කරවීමට මෙන්ම 5G සහ foldable ජංගම දුරකථන වැනි නව තාක්ෂණයන්ගෙන් සමන්විත උපාංග සඳහා සහාය වීමටයි.

ඒ අතරම, පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධ වෙනස්කම් 50 කට ආසන්න සංඛ්‍යාවක් සමඟින්, ඇන්ඩ්‍රොයිඩ් 10 ඔබට වැඩි ආරක්ෂාවක්, විනිවිදභාවයක් සහ ඔබේ දත්ත පාලනය කිරීමට ඉඩක් ලබාදෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...