උණුසුම් පුවත්

Huawei සමාගම 6G තාක්ෂණය පිළිබඳව පර්යේෂණ කිරීම් ආරම්භ කරයි

Huawei සමාගම 6G තාක්ෂණය පිළිබඳව පර්යේෂණ කිරීම් ආරම්භ කරයි

Huawei සමාගම 6G තාක්ෂණය පිළිබඳව පර්යේෂණ කිරීම් ආරම්භ කරයි

Sep 10, 2019 4:59 PM

ලොව බොහෝ සමාගම් 5G තාක්ෂණය සාමාන්‍යය භාවිතාවට ගෙන ඒම පිළිබඳව අත්හදාබැලීම් සිදු කරමින් පවතින මේ අවස්ථාව වන විට Huawei සමාගම විසින් 6G තාක්ෂණය පිළබඳ පර්යේෂණ සිදු කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

කැනඩාවේ Ottawa වල පිහිටි Huawei Research & Development Center තුළ මෙම පර්යේෂණ සිදු කරන අතර මේ සඳහා විශ්වවිද්‍යයාල 13ක් සහ තවත් ආයතන ගණනාවකගේ සහාය ලබාගැනීමට Huawei සමාගම තීරණය කර තිබෙන බව සඳහන් වේ.

5G තාක්ෂණය පිළිබඳව මූලික පරීක්ෂණ ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙන්නේ 2009 වර්ෂයේ දී වන අතර මේ වන විට ලොව හොඳම 5G තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරන්නා බවට ද පත්වීමට ඔවුන් හට හැකියාව ලැබී තිබෙනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...