උණුසුම් පුවත්

ඉදිරියේදී හුවාවී‍ ජංගම දුරකතන ගූගල් යෙදවුම් නොමැතිව වෙළෙදපළට

ඉදිරියේදී හුවාවී‍ ජංගම දුරකතන ගූගල් යෙදවුම් නොමැතිව වෙළෙදපළට

ඉදිරියේදී හුවාවී‍ ජංගම දුරකතන ගූගල් යෙදවුම් නොමැතිව වෙළෙදපළට

Aug 31, 2019 8:48 PM

හුවාවී‍ සමාගම ඉදිරියේ නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ගූගල් සමාගමට අයත් යෙදවුම්වලින් තොරව වෙළඳපලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.

අමෙරිකානු රජය විසින් තම නිෂ්පාදන හුවාවී සමාගමට අලෙවි කිරිම තහනම් කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ගූගල් සමාගම පවසා ඇත.

මේ අනුව, මීළග හුවාවී‍ ස්මාර්ට් ජංගම දුරකතනවලින් ගූගල් ඇප් සමූහයට පිවිසීමට ද නොහැකි වනු ඇත. ඒ අනුව, එම ජංගම දුරකතන භාවිත කිරීමට සිදුවනු ඇත්තේ ජනප්‍රිය යෙදවුම් රැසකට ප්‍රවේශයක් නොමැතිවය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...