උණුසුම් පුවත්

පළාත් 6 කට මිලිමීටර් 150 තද වැසි / දිස්ත්‍රීක් 4 කට නායයාම් අනතුරු ඇගවීම්

පළාත් 6 කට මිලිමීටර් 150  තද වැසි / දිස්ත්‍රීක් 4 කට නායයාම් අනතුරු ඇගවීම්

පළාත් 6 කට මිලිමීටර් 150 තද වැසි / දිස්ත්‍රීක් 4 කට නායයාම් අනතුරු ඇගවීම්

Sep 16, 2019 7:16 AM

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාවත් සමග දිස්ක්‍රීක් 4 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිඛෙනවා. කලුතර / රත්නපුර / කෑගල්ල සහ නුවර එළිය දිස්ත්‍රීක්වලට අදියර දෙකක් යටතේ නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද, දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැකි වේ යයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...