උණුසුම් පුවත්

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය මනෝජ් සිරිසේන මහතාට

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය මනෝජ් සිරිසේන මහතාට

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය මනෝජ් සිරිසේන මහතාට

Sep 8, 2019 8:07 AM

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීරගේ අභාවයෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන පත්කරනු ඇතැයි වාර්තා වෙයි.

2015 මහමැතිවරණයේ ප්‍රථිඵලවලට අනුව මාතර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ පරාජිත අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප හිමිකරගෙන තිබුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි. එහෙත් ඔහු මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ අනුව මාතර දිස්ත්‍රීක්කයේ මානාප ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ අපේක්ෂකයන් අතරින් ඉහලින් සිටින්නේ මනෝජ් සිරිසේන මහතායි.

මනෝජ් සිරිසේන මහතා මීට පෙර දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහ ආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...