උණුසුම් පුවත්

තිරිගු පිටි මිල වැඩි කිරීමේ තීරණය අවලංගුයි

තිරිගු පිටි මිල වැඩි කිරීමේ තීරණය අවලංගුයි

තිරිගු පිටි මිල වැඩි කිරීමේ තීරණය අවලංගුයි

Sep 10, 2019 5:11 PM

තිරිඟු පිටි මිල පෙර පැවති මිල ගණන් යටතේ ලබා දීමට පිටි සංගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 5යි ශත 50කින් වැඩි කිරීමට පසුගියදා ගත් තීරණය අහෝසි කිරීමට පිටි සමාගම් තීරණය කර තිඛෙනවා.

එමෙන්ම පූර්ව දැනුම්දීමකින් තොර තිරිගුපිටි මිල වැඩි කිරීමට පසුගියදා ගත් තීරණය පිළිබඳ සති තුනක් ඇතුලත නිදහසට කරුණු දක්වන ලෙසද ජීවන වියදම් කමිටුව තිරිගුපිටි සමාගම් වෙත දැනුම් දුන් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...