උණුසුම් පුවත්

නෙළුම් කුළුණ කළමනාකරණය කටයුතු හැසිරවීම සඳහා රාජ්‍ය සමාගමක්

නෙළුම් කුළුණ කළමනාකරණය කටයුතු හැසිරවීම සඳහා රාජ්‍ය සමාගමක්

නෙළුම් කුළුණ කළමනාකරණය කටයුතු හැසිරවීම සඳහා රාජ්‍ය සමාගමක්

Sep 5, 2019 7:43 PM

නෙළුම් කුළුණ වාණිජකරණ කටයුතුවලට යොදාගැනීමට සහ එහි මූල්‍ය කටයුතු හැසිරවීම සඳහා නව රාජ්‍ය සමාගමක් (SOE) පිහිටුවීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නේය.

මේ වන විට අවසන් කර ඇති එම ව්‍යාපෘතියෙහි පහසුකම් ශ‍්‍රී ලාංකික ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා මෙන් ම එය ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම සඳහා කඩිනමින් වාණිජකරණ ක‍්‍රියාවලියක් ආරම්භ කළ යුතු බැවින් එම කටයුතු කළමනාකරණය කිරීම පිණිස මෙම සමාගම ස්ථාපනය කිරීමට නියමිතය.

මීටර් 350 ක් උස නෙළුම් කුළුණ ඉදිකිරීම 2012 දී ආරම්භ විය. චීනයේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සපයනු ලබන නෙළුම් කුළුණ බහු ක්‍රියාකාරී සම්ප්‍රේෂණ, රූපවාහිනී සහ විදුලි සංදේශ හා වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තුවේ. කුළුණ ඉදිකිරීම චීන සමාගමක් විසින් සිදු කරනු ලබන අතර එය අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවට (TRCSL) භාර දෙනු ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...